Tuesday, November 28, 2017

8 ශ්‍රේණිය ගණිතය - සංඛ්‍යා රටා


සංඛ්‍යා රටා

නිපුණතාව 02           : සංඛ්‍යාවල විවිධ සම්බන ්ධතා විමර්ශනය කරමින් ඉදිරි අවශ්‍යතා සඳහා     
                                  තීරණ ගනියි.

නිපුණතා මට්ටම 2.1 : විවිධ ලක්ෂණ විමර්ශනය කරමින් සංඛ්‍යා රටාවක පද අතර සම්බන්ධතා
                                  දක ිමින් ගැටලූ විසඳයි.


ඉගෙනුම් පල            :

                                1.සංඛ්‍යා රටාවක බ වන පදය සාධාරණ පදය ලෙස හඳුනා ගන ිය ි.
                                2. ගණන සංඛ්‍යා කුලකය තුළ ් නම් සංඛ්‍යාවක ගුණාකාර රටාවේ බ වන පදය
                                 බව හඳුනා ගන ිය ි.
                                3. ගණින සංඛ්‍යා කුලකය තුළ, සංඛ්‍යාවක ගුණාකාර රටාවේ සාධාරණ පදය ලියා
                                   දක්වයි.
                                4. ගණින සංඛ්‍යා කුලකය තුළ, ඉරට්ට සංඛ්‍යා රටාවේ සාධාරණ පදය ලියා
                                    දක්වයි.
                                5. ගණින සංඛ්‍යා කුලකය තුළ ඔත්තේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය ලියා
                                    දක්වයි.



ගණිතය යනු රටාවන්ගේ හා සම්බන්ධතාවන්ගේ විද්‍යාවයි. සෛදාන්තික ශික්‍ෂාවක් හැටියට ගණිතය, අමුර්තන අතර තිබිය හැකි සම්බන්ධතාවන් ගැන සොයා බලන්නේ එකී අමුර්තයන්ට සැබෑ ලෝකයේ අනුරූප ඇත්දැයි යන්න ගැන සැලකිලිමත් නොවෙමිනි. මෙකී අමුර්තන සංඛ්‍යා වැලක සිට ජ්‍යාමිතක රූප හා සමීකරණ සමූහ දක්වා ඕනෑම දෙයක් විය හැකියි. නිදසුනක් ලෙස ‘මූල සංඛ්‍යා අතර අන්තරය රටාවක් සකසන්නේද?’ යන සෛදාන්තක ප්‍රශ්නයට පිළිතුරු සොයතොත්, ගණිතඥයන් උනන්දුවන්නේ එවැනි රටාවක් සොයා ගැනීමට හෝ එවැන්නක් නැති බව ඔප්පු කිරීමට මිස ඔවුහු එම ප්‍රශ්නයෙන් මතුකරගන්නා දැනුමෙන් ඇති ප්‍රයෝජනය ගැන උනන්දුවක් නොදක්වකි. ගණිතයෙහි අමුර්තනය නිසා එක්තරා අර්ථයකින් ගත් කළ මිනිස් චින්තනයෙහි වෙනත් ක්‍ෂේත්‍රවල නොමැති අන්දමකට ගණිතය සාර්වත‍්‍රිකය.
විද්‍යාව හා ගණිතය අතර සම්බන්ධතාවයට දිගු ඉතිහාසයක් ඇත. එම සම්බන්ධය ශත වර්ෂ ගණනාවක් ඈතට දිවෙයි. විද්‍යාව, සොයා බැලීම පිණිස උනන්දුව දනවන ගැටලු ගණිතය වෙත සපයයි. එමෙන්ම, ගණිතයද දත්ත විශ්ලේෂණයෙහිලා ප්‍රයෝජනයට ගැනීම පිණිස විද්‍යාව වෙත බලගතු මෙවලම් ලබාදෙයි. ගණිතඥයන් හුදෙක් තමුන්ට ඒ පිළිබඳව ඇති උනන්දුව නිසාම පමණක් අධ්‍යයනය කළ අමුර්ත රටා බොහෝ කලකට පසුව විද්‍යාවට බෙහෙවින් ප්‍රයෝජනවත් බව ඔප්පු විය. ගණිතය හා විද්‍යාව යන දෙකම උත්සාහ කරන්නේ පොදු රටා හා සම්බන්ධතා අනාවරණය කරගන්නටය. මේ අර්ථයෙන් ගත් කළ ඒවා එකම ප‍්‍රයත්නයක කොටස්ය.

විද්‍යාවේ ප්‍රධානතම භාෂාව ගණිතයයි. ගණිතයෙහි සංකේතාත්මක භාෂාව, විද්‍යාත්මක සංකල්ප සංදිග්ධ හෙවත් උභයාර්ථ රහිතව ප්‍රකාශ කිරීමේදී අතිශය ප්‍රයෝජනවත් වී ඇත. නිදසුනක් ලෙස a=F/m යන ප්‍රකාශනය ගමු. එය හුදෙක් වස්තුවක ත්වරණය ඒ මත යොදවනු ලබන බලය හා එකී ස්කන්ධය මත රඳයි යන්න පැවසීමේ කෙටි මගක්ම නොවෙයි. එය එම විචල්‍යයක් අතර පවතින ප්‍රමාණාත්මක සම්බන්ධතාව පිළිබඳ ප්‍රකාශයකි. වඩාත් වැදගත් කාරණාව විද්‍යාවේ ව්‍යාකරණය ගණිතය මගින් සපයනු ලැබීමයි. එනම්, විද්‍යාත්මක සංකල්ප හා දත්ත ඉතා දැඩි හා නිවරද ලෙස විශ්ලේෂණයට නීති සැපයීමයි

ගණිතය හා විද්‍යාව අතර බොහෝ පොදු ලක්ෂණ දැකිය හැකිය. මේ පොදු ලක්ෂණ අතර: අවබෝධකර ගත හැකි පටිපාටියක් කෙරෙහි විශ්වාසය; පරිකල්පනය හා දැඩි තර්කාණුකූල බව අතර අන්තර් සම්බන්ධතාව; අවංකත්වය හා විවෘතභාවය පිළිබඳ පරමාදර්ශ; සමපදස්ථයන් (peers) අතර විවේචන කාර්යෙහි අතිශය වැදගත්කම; වැදගත් සොයා ගැනීමක් සිදු කළ ප්‍රථමයා වීම මත පටවන වටිනාකම; විෂය පථය හෝ වපසරිය වශයෙන් ගත් කළ ජාත්‍යන්තරවීම සහ බලගතු පරිගණක වැඩිදියුණු කෙරෙන මේ අවධියේ පවා විමර්ශනය කිරීමේ නව ක්‍ෂේත‍්‍ර එළිපෙහෙළි කර ගැනීම පිණිස තාක්ෂණය යොදා ගැනීමට හැකි වීම ඇතුළත්ය.
ගණිතය හා තාක්ෂණය අතර ද අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායි සම්බන්ධතාවක් වර්ධනය වී ඇත.  නිදසුනක් ලෙස සබැඳියාවන් හා තර්කදාම () පිළිබඳ ගණිතය(mathematics of connections and logical chains), පරිගණක දෘඩාංග හා ක්‍රමලේඛ ශිල්පක්‍රම කෙරෙහි විශාල වශයෙන් දායක වී ඇත. එමෙන්ම ගණිතය ඉංජිනේරු ශිල්පය කෙරෙහි වඩාත් පොදු වශයෙන් දායක වෙයි. ඒවාෙය් හැසිරීම් අනතුරුව පරිගණක මගින් විඩම්බනය කළ හැකි වන සංකීර්ණ පද්ධති විස්තර කිරීමට පුළුවන් වීම එක් අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. ප්‍රශස්ත සැලසුම් සෙවීමේ මාර්ගයක් ලෙස මෙකී විඩම්බනවල සැලසුම් ගුණාංග හා මෙහෙයුම් තත්වයන් වෙනස් කළ හැකිය. මීට ප්‍රතිඋපකාර වශයෙන්, පරිගණක තාක්ෂණය ගණිතෙයහි නව පරිපූර්ණ ක්ෂේත්‍ර එළිපෙහෙළි කර දී ඇත. එමෙන්ම පරිගණක තාක්ෂණය, මීට පෙර බරපතළ ගැටලු ලෙස තිබූ ගැටලු විසඳීමෙහිලා දිගටම උපකාරී වේ.

from - https://thathu.com






 සංඛ්‍යා රටා තවත් තවදුරටත් ඉගෙන ගනිමු 
http://www.e-thaksalawa.moe.gov.lk/moodle/mod/url/view.php?id=7400


http://www.e-thaksalawa.moe.gov.lk/moodle/mod/url/view.php?id=6467











No comments:

Post a Comment